ඔස්ට්‍රේලියානුවෙකුට වසරකදී $ 8,000 ක වැටුපක් අහිමිවෙයි

පූර්ණ කාලීනව සේවය කරන ඔස්ට්‍රේලියානුවෙකුට වසරකදී සති 06 ක වැටුප එනම් ඩොලර් 8,000 ක් පමණ නොලැබෙන බව නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

මින් බහුතර මුදලක් අතිකාල දීමනා බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියානුවන්ට වසරකදී අහිමිවන මුදල ඩොලර් බිලියන 92 ක් බවට ගණන් බලා තිබෙනවා.

පුද්ගලයන් 1410 දෙනෙකු සහභාගී කරවා ගනිමින් සිදුකල මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ සාමාන්‍යයෙන් සතියකදී සිදුකරන රැකියා පැය ගණන සළකා බැලීමේදී පූර්ණ කාලීන සේවකයෙකුට පැය 04 ක පමණ වැටුපක් අහිමිවන බවටයි.

මින් බහුතරය වයස අවුරුදු 18 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ බවද සඳහන්.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »