දින 04 ක වැඩ කරන සතිය ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල් ජාලයකුත් අත්හදා බලයි

දින 04 ක වැඩ කරන සතිය ක්‍රමය අත්හදා බැලීමට බනින්ග්ස් වෙයාර්හවුස් වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වෙළඳසැල් ජාලයක් විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මේ යටතේ වැටුප් වැඩිවීම් – අමතර නිවාඩු සහ නියමිත වැටුපටම අඩු පැය ගණනක් සේවය කිරීමට බනින්ග්ස් සේවකයන්ට අවස්ථාව උදාවනු ඇති.

පූර්ණ කාලීන සේවකයන්ට සතිකට පැය 38 ක් සේවය කිරීමේ අවස්ථාව තවමත් පවතින අතර සතියකට දින 04 කින් හෝ සති 02 කට දින 09 කින් එම පැය ගණන සපුරා ගැනීමට ඔවුන්ට අවස්ථාව පවතිනවා.

මේ යටතේ බනින්ග්ස් සේවකයන්ට හිමිවන වාර්ෂික නිවාඩු සංඛ්‍යාව සති 04 සිට සති 05 දක්වා ඉහළ දැමීමටද නියමිතයි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »