ඔස්ට්‍රේලියානුවන් on hold සිටි කාලය පැය මිලියන 100 ක්

විවිධ පාරිභෝගික සේවා ඉටුකර ගැනීම සඳහා හදිසි ඇමතුම් අංක වෙත දුරකථන ඇමතුම් ගැනීමේදී පසුගිය වසර තුළදී ඔස්ට්‍රේලියානුවන් ඇමතුමෙහි රඳවා සිටි (on hold) කාලය පැය මිලියන 96.5 ක් බවට ගණන් බලා තිබෙනවා.

විවිධ සේවා වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 13.3 ක් පමණ පසුගිය වසරේදී පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථාන වෙත දුරකථන ඇමතුම් ගෙන ඇතැයි සඳහන්.

එය 2021 වසර හා සැසඳීමේදී පාරිභෝගිකයන් මිලියනයක පමණ ඉහළයාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

එක් පාරිභෝගිකයෙකු සමස්ත වසර පුරා දුරකථන ඇමතුම්වල රැඳී සිටි කාලය පැය 07 කට අධික බවට ගණන් බලා තිබෙනවා.

ඇතැම් පැමිණිලි විසඳීමට සතියකට වැඩි කාලයක් ගතවු අවස්ථාද දක්නට ලැබී තිබීම විශේෂත්වයක්.

පාරිභෝගික සේවා සඳහා වඩාත් අප්‍රසන්නම අංශය බවට ඔස්ට්‍රේලියානුවන් විසින් නම් කර ඇත්තේ දුරකථන හා සන්නිවේදන සේවාවනුයි.

රජයේ සේවා සහ මූල්‍ය සේවා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »