
දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය ස්ටර්ලිං පවුම් මිලියන 162 ක් හෙවත් ඩොලර් මිලියන 304 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඉන් වැඩිම මුදලක් වැයවී ඇත්තේ උත්සවයට පැමිණි රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව සැළසීම සඳහා බව සඳහන්.
එමෙන්ම උත්සවයේ සංස්කෘතික අංග සඳහාද සැළකිය යුතු මුදලක් වියදම් කර ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ අතර රාජකීය අවමංගල්‍යයට මෙන්ම චාර්ල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන්ද අති විශාල මුදලක් වැය කර ඇති බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා.
රාජකීය පවුල නඩත්තු කිරීම සඳහා මහජන බදු මුදල් යෙදවීම අනුමත කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
