මියගිය පුද්ගලයන්ගෙන් වාරික අය කරගැනීමට AMP රක්ෂණ සමාගමට දඩ

මියගිය පුද්ගලයන් 2,000 ක් ඇතුලුව 10,000 කට වැඩි පිරිසකගෙන් රක්ෂණ වාරික අය කරගැනීම සම්බන්ධයෙන් AMP රක්ෂණ සමාගමට ඩොලර් මිලියන 24 ක දඩයක් පණවා තිබෙනවා.

2018 වසරේ සිට මෙම අයථා රක්ෂණ වාරික අයකර ගැනීම සිදුවී ඇති බව සඳහන්.

ෆෙඩරල් අධිකරණයක් අද නිකුත් කල නියෝගයට අනුව 2015 සිට 2019 දක්වා කාලය තුළදී මියගිය පුද්ගලයන්ගෙන් ඩොලර් මිලියන ගණනක වාරික අයකර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අදාළ දොෂය හඳුනාගත් වහා 2019 – 2020 කාලයේදී පුද්ගලයන් 10,155 දෙනෙකුට ඩොලර් මිලියන 5.2 ක වටිනාකමින් යුත් වාරික ආපසු ගෙවා ඇති බවද AMP සමාගම නිවේදනය කලා.

https://www.9news.com.au/finance/amp-group-24-million-dollar-fine-charging-dead-customers-life-financial-planning/c8716fb5-75b2-4a7a-b0d1-a78d8f3f3794

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »