
ආසියානු මහද්වීපයේ ගමනාන්ත වෙත සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජපානයේ ටෝකියෝ – සිංගප්පූරුව – ඉන්දියාවේ නවදිල්ලි යන නගර මෙන්ම නවසීලන්තය සහ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය දක්වා සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉදිරි මාස 12 තුළදී ඉහළ දැමීමට නියමිතයි.
ලබන ඔක්තෝබර් මාසය අවසානයේ සිට නව ගුවන් ගමන් කාලසටහන් ආරම්භ කිරීමටයි ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.

සිඩ්නි සිට චීනයේ ෂැංහයි දක්වා වන ගුවන් ගමන් වසර 03 කට පසු නැවත ආරම්භ කිරීමටද ක්වන්ටාස් ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.
මේ අතර ෆින්ලන්තයේ ජාතික ගුවන් සේවය වන ෆින් එයාර් සමග ක්වන්ටාස් සමාගම අත්සන් තබා ඇති ගිවිසුමකට ක්වන්ටාස් ගුවන් නියමුවන් විරෝධය පළකරනවා.

එය ක්වන්ටාස් සමාගමට අවාසිදායක බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.