
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට පැමිණ යාචක වෘත්තියෙහි නිරතවන පුවතක් Ausලංකා TV අප හට වාර්තා වුණා.
ඒ අනුව අප ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකල අතර එහිදී අනාවරණය වූයේ එම පුවත සත්‍යයක් බවයි.
එම රංගන ශිල්පියා බුද්ධික ජයරත්න වන අතර කෙසේවෙතත් ඔහු මෙලෙස යාචකයෙකු ලෙස වෙස් මාරු කරගෙන සිටින්නේ මෙල්බන් නුවර රූගත කෙරෙන චිත්‍රපටයක රගපෑම සඳහා බවයි අපහට එහිදී දැනගන්නට ලැබුණේ.

මෙවැනි විචිත්‍රාංග චිත්‍රපටයක (Feature Film) රගපෑමට ශ්‍රී ලාංකිකයෙකුට මෙන්ම ආසියානුවෙකුට අවස්ථාවක් ලැබී ඇත්තේ පළමුවරට වන අතර මෙම සිනමා පටය Thriller ඝණයට අයත් වනවා.
එමෙන්ම ඉදිරියේදී Netflix හරහාද එය දැකබලා ගැනීමේ අවස්ථාව ලෝකවාසීන්ට උදාවනු ඇති.

තමන් රංගනයෙන් දායකවන සිනමා සිතුවම පිළිබඳ බුද්ධික ජයරත්න Ausලංකා TV වෙත පළකල අදහස් ඉදිරි දිනයකදී බලාපොරොත්තු වන්න.