වික්ටෝරියා බස් රථවල Seat belts අනිවාර්ය කරන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මගී ප්‍රවාහන බස් රථවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ දින කිහිපයකට පෙර පාසල් සිසුන් 46 දෙනෙකු ගමන් කරමින් තිබූ බස් රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර ඊට ආසන්නම හේතුව බවයි.

වික්ටෝරියා ප්‍රාන්ත නීතියට අනුව, බස් රථවල ඉදිරිපස වීදුරුවට මුහුණලා ආසනයක් නොමැතිනම් ආසන පටි පැළඳීම අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් පාසල් බස් රථවල ආසන පටි පැළඳීම හැකි සෑම අවස්ථාවකදීම සිදුකරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

පසුගියදා සිදුවූ රිය අනතුරෙන් පාසල් සිසුන් 10 දෙනෙකු තුවාල ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරෙකු මේ වනවිට අත්අඩංගුවේ පසුවනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »