දකුණු ඔස්ට්‍රේලියාවේ විරෝධතාකරුවන්ට එරෙහි නීති දැඩිවෙයි

විවිධ විරෝධතා පවත්වා දෛනික ජන ජීවිතය අවහිර කරන පුද්ගලයන්ට එරෙහි දඩ මුදල් ඉහළ නැංවීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ඩොලර් 50,000 ක උපරිමයකට යටත්වන දඩයක් සහ මාස 03 ක සිර දඩුවමක් නියම කෙරෙනු ඇති බව සඳහන්.

අඛණ්ඩව දින කිහිපයකදී ඇඩිලේඩ් නගරයේ පැවති විරෝධතා හමුවේ එල්ලවූ බලපෑම් සැළකිල්ලට ගෙනයි ප්‍රාන්ත රජය මෙම තීරණය ගැනීමට සූදානම් වන්නේ.

අදාළ යෝජනාව ප්‍රාන්ත පාර්ලිමේන්තුවට මේ වනවිට ඉදිරිපත්ව ඇති අතර ඉදිරියේදී විවාද කර සම්මත කරගැනීමටයි නියමිතව ඇත්තේ.

සාමකාමී ජන ජීවිතයට බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »