වසර 08 කට ඉහතදී පැහැරගනු ලැබූ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා නිදහස්

වසර 08 කට ඉහතදී බටහිර අප්‍රිකාවේදී පැහැරගනු ලැබූ වයෝවෘද්ධ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු වන කෙනත් එලියට් නිදහස් කර තිබෙනවා.

පර්ත් හි පදිංචි 88 හැවිරිදි මෙම වෛද්‍යවරයා සිය පවුලේ සාමාජිකයන් සමග නැවතත් එක්වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

මාලි සහ නයිජර් යන රටවල දේශසීමා අසළ වෛද්‍ය සායනයක් පවත්වාගෙන යමින් සිටි මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ අල්කයිඩා හිතවාදී සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගනු ලැබුවේ 2016 වසරේදීයි.

වෛද්‍යවරයාගේ බිරිඳ පසුව නිදහස් කෙරුණා.

නිදහස් කෙරුණු වෛද්‍ය කෙනත් එලියට් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලා.

 

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »