Search

Regional ප්‍රදේශවල වෛද්‍ය හිගය ඉතා ඉක්මණින් තුරන් වන අනාවැකි

Regional ප්‍රදේශවල වෛද්‍ය පුහුණුව හැදෑරීමට යොමුවන වෛද්‍ය සිසුන්ගෙන් බහුතරයක් එම ප්‍රදේශවලම රැකියා කිරීමට පෙළඹෙන බවට අනාවරණය වනවා.

නාගරික ප්‍රදේශවලට සාපේක්ෂව පහසුකම් තරමක් අඩුවුවද කාර්ය බහුලත්වයෙන් තොර ජීවන රටාවකට යොමුවීමට හැකිවීමයි ඊට හේතුව වී ඇත්තේ.

මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතියහොත් Regional ප්‍රදේශවල වෛද්‍ය හිගය ඉතා ඉක්මණින් තුරන් වනු ඇති බවටද අනාවැකි පළවනවා.

බ්‍රිස්බන් වැනි නාගරික ප්‍රදේශවලට වඩා ක්වීන්ස්ලන්ඩ් හි Regional ප්‍රදේශවල වෛද්‍ය පුහුණුවට යොමුවන වෛද්‍ය සිසුන්ගේ කැපී පෙනෙන ඉහළයාමක් මෙහිදී සටහන්වී තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් සරසවි විසින් දුෂ්කර ප්‍රදේශ වෙත සිසුන් යොමුකරවීමට තරමක් පසුගාමී බවක් පෙන්නුම් කරන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »