Search

ඔස්ට්‍රේලියා Casual සේවක සතියක ආදායම ඉහළට

ඔස්ට්‍රේලියාව තුළදී Casual සේවකයෙකු උපයන සතියක ආදායම ඩොලර් 1250 ක සාමාන්‍ය අගයක් දක්වා ඉහළගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ එය පසුගිය වසර හා සැසඳීමේදී ඩොලර් 50 ක ඉහළයාමක් බවයි.

මෙම සේවකයන් අතුරින් අති බහුතරයක් එක් රැකියාවකට වඩා නිරත වන්නන් බවයි අනාවරණ වී ඇත්තේ.

සතියකදී ඩොලර් 1000 ට අඩුවෙන් උපයන Casual සේවකයන් සංඛ්‍යාව මීට වසරකට පෙර ලක්ෂ 40 කට ආසන්නවයි පැවතුණේ.

කෙසේවෙතත් මේ වනවිට එය ලක්ෂ 05 ක් වැනි අගයකට අඩුවී තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ සිටින සමස්ත Casual සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 26 කට ආසන්න බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »