ප්‍රමාණවත් දැනුවත්වීමක් නොමැති වීම හමුවේ ඔස්ට්‍රේලියානු රියදුරන්ට නියමවන දඩයක්

DRIVING

ප්‍රමාණවත් දැනුවත්වීමක් නොමැති වීම හමුවේ ඔස්ට්‍රේලියානු රියදුරන් බොහෝ පිරිසක් ඩොලර් 481 ක දඩයකට ලක්වන බව අනාවරණ වී තිබෙනවා.

විශේෂයෙන් උණුසුම අධික දිනවල රිය ධාවනයේදී පාවහන් නොපැළඳ වාහනය ධාවනය සුළභ කරුණක් වනවා.

ඔස්ටේ්‍රලියානු මාර්ග නීතියට අනුව එය නීති විරෝධි නොවන නමුත් සෑම අවස්ථාවකදීම වාහනයේ පාලනය රඳවා ගත යුතුය යන නීතියට එය පටහැණි වනවා.

නිවු සවුත් වෙල්ස් ප්‍රාන්තයේදී නම් ඩොලර් 481 ක මුදලක් සහ අප්‍රසාද ළකුණු 03 ක්ද පාසල් කලාපයකදී නම් ඩොලර් 603 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් ද නියම වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේදී නම් ඩොලර් 387 ක දඩයක්ද අප්‍රසාද ළකුණු 03 ක්ද නියම කල හැකි වනවා.

වාහනයේ පාලනය නිසි පරිදි හසුරුවා ගත නොහැකි නම් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී නියම කල හැකි දඩය ඩොලර් 575 ක් සහ අප්‍රසාද ළකුණු 03 ක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »