
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු රැසක අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැණුම් අගය රුපියල් 300 ට අඩුවෙන් සටහන් වී තිබෙනවා.
මහජන බැංකුවේ ඩොලරයේ ගැණුම් අගය රුපියල් 296 යි ශත 59 ක් වන අතර විකිණුම් අගය රුපියල් 313 යි ශත 52 ක්.
කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිළ රුපියල් 296 යි ශත 92 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 310 ක් ලෙසද වාර්තා වනවා.

සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 300 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 312 ක් ලෙසද සටහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අගයන් සටහන ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12 න් පසු නිකුත් කිරීමට නියමිතයි.
