
ගුවන් යානයේ තමන්ට හිමි අසුනට යාබද අසුන ගුවන් මගියෙකු නොමැතිව නිදහස්ව (neighbour-free) තබා ගැනීමේ අවස්ථාව සියලුම ගුවන් මගීන්ට ලබාදීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
ඩොලර් 30 ත් 65 ත් අතර අමතර මුදලක් ගෙවා අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම වෙන්කරවා ගැනීම් සිදුකල හැකියි.
මෙම පහසුකම මෙතෙක් හිමිවී තිබුණේ frequent flyer කාණ්ඩයට යටත්වන ගුවන් මගීන්ට පමණයි.

කෙසේවෙතත් එය පිරිමැසුම්දායක පංතියේ (economy class) ගුවන් මගීන් සඳහාද ලබාදීමටයි ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර ඇත්තේ.
මේ සඳහා සුදුසුකම් සහිත ගුවන් ගමන්වල ආසන වෙන් කරවා ගෙන ඇති ගුවන් මගීන්ට ගුවන් ගමනට පැය 48 කට පෙර ඒ පිළිබඳ දැනුම්දී ඊමේල් පණිවිඩයක් යොමු කෙරෙනු ඇති.

කෙසේවෙතත් කුමන හෝ අත්‍යවශ්‍ය කරුණක් මත අදාළ අසුන වෙනත් ගුවන් මගියෙකු වෙත ලබාදීමට සිදුවුහොත් අමතර ගාස්තුව පූර්ණව නැවත ලබාදෙන බවත් ක්වන්ටාස් ගුවන් සේවය දන්වා සිටිනවා.