වසර 02 ක් අක්‍රීය Google ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගූගල් ගිණුම් ඉවත් කිරීමට ගූගල් හිමිකාරීත්වය පවතින ඇල්ෆබට් සමාගම තීරණය කර තිබෙනවා.

පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් මෙලෙස ඉවත් කෙරෙනු ඇති.

ගිණුම් වෙත අනවසර පිවිසීම් වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන සැළකිල්ලට ගෙනයි ඇල්ෆබට් සමාගම මෙම තීරණයට එළඹී ඇත්තේ.

එහිදී ජී-මේල් / ගූගල් ඩොක්ස් – ගූගල් ඩ්‍රයිව් – යූ ටියුබ් – ගූගල් කැලැන්ඩර් ඇතුලු සියලු අන්තර්ගතයන් ද මැකී යන බව සඳහන්.

මෙම ප්‍රතිපත්තිය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ වන්නේ නැහැ.

මේ අනුව මකා දැමීමට නියමිත ගූගල් ගිණුම්වලට අදාළ ඊ-මේල් ලිපින වෙත ඊයේ සිට දැනුම්දීම් සිදුකිරීමට ද ඇල්ෆබට් සමාගම පියවර ගෙන තිබෙනවා.

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »