ඉදිරි වසර 05 තුළදී ඔස්ට්‍රේලියාව තුළ නැවතත් දරුණු ලැව්ගිනි තත්වයක් ඇතිවිය හැකි බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.
2027 වසර වනවිට ගෝලීය උෂ්ණත්වය වසරකට සෙල්සියස් අංශක 1.5 බැගින් වැඩිවනු ඇති බවටයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.
ඔස්ට්‍රේලියාව වැනි රටවලට එහි වැඩි බලපෑමක් දැනෙනු ඇති බවත් 2019-20 කාලසීමාවේ පැවති හා සමාන ආකාරයේ ලැව්ගිනි තත්වයක් හටගක හැකි බවටත් එහිදී අනාවැකි පළවී තිබෙනවා.
මෙතෙක් ඉතිහාසයේ උෂ්ණාධිකම වසරෙහි වාර්තාව ඉදිරි වසර කිහිපය තුළදී බිඳවැටෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
හරිතාගාර වායු විමෝචනය ඉහළයාම – ඉන්ධන දහනය ඇතුලු කරුණු මේ සඳහා සෘජුව බලපානු ඇති බව සඳහන්.