
කංසා නීතිගත කිරීම හරහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයට ඉදිරි වසර 05 තුළදී වසරකට ඩොලර් මිලියන 250 ක් බැගින් වන ආදායමක් උපයාගත හැකි බවට තක්සේරු කර තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ කංසා බලපත් නිකුත් කිරීමෙන් ඩොලර් මිලියන 6.5 ක් සහ බදු ආදායම් ලෙස ඩොලර් මිලියන 137 ක මුදලක් උපයාගත හැකි බවයි.
ඊට අමතරව වැටලීම් – නඩු කටයුතු සහ පුනුරුත්ථාපන කටයුතු සඳහා වියදම් වන ඩොලර් මිලියන 100 ක පමණ මුදලද ඉතිරිකරගත හැකි බව මෙම වාර්තාවේ සඳහන්.

2020 වසරේදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ සිදුකල වැටලීම්වලදී කංසා කිලෝ 43,670 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබූ අතර ඒවායෙහි මුලු වටිනාකම ඩොලර් මිලියන 778 කට ආසන්නව පැවතුණා.
නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ බටහිර ඔස්ට්‍රේලියා ජනගහණයෙන් සියයට 11 ක් හෙවත් 243,000 කට ආසන්න පිරිසක් ගතවූ මාස 12 තුළ එක් අවස්ථාවකදී හෝ කංසා භාවිත කර ඇති බවයි.
