NSW ප්‍රාන්තවාසීන්ට අයත් $ මිලියන 500 ක් ප්‍රාන්ත බදු ගිණුම්වල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින් මෙතෙක් හිමිකර නොගත් ඩොලර් මිලියන 500 ක මුදලක් ප්‍රාන්ත ආදායම් බළධාරීන් සතුව පවතින බව තහවුරු වී තිබෙනවා.

එය 2021 වසරේදී පැවතියේ ඩොලර් මිලියන 460 ක් ලෙසයි.

මියගිය පුද්ගලයන්ගේ හිමිකම් – වෛද්‍යධාර මුදල් ඇතුලු වර්ග රැසකට අදාළව ජනතාවට ලැබිය යුතු මුදල් මේ අතර වනවා.

තමන්ට කිසියම් ලැබිය යුතු මුදලක් ඇතිදැයි නිවු සවුත් වේල්ස් බදු කාර්යාලයේ වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කරගත හැකියි.

ඊට අදාළ ඉල්ලීම නිසි පරිදි ලැබී දින 28 ක් තුළ අදාළ මුදල් ලබා ගත හැකි වනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »