Search

සිඩ්නි – ලන්ඩන් ගුවන් ගමනේ කාලය ඉදිරි දශකය තුළ පැය 02 කට අඩුවන ළකුණු

දැනට පැය 22 කට ආසන්න කාලයක් ගතවන සිඩ්නි – ලන්ඩන් ගුවන් ගමනෙහි කාලය ඉදිරි දශකය තුළදී පැය 02 කට පමණ අඩුවනු ඇති බවට නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

දැනට සුලු පිරිසක් පමණක් භාවිත කරන වර්ජින් ගැලැක්ටික් වැනි අභ්‍යවකාශ යානා භාවිතය ප්‍රචලිත වීමත් සමග මෙලෙස ගුවන් ගමන් කාලය අඩුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් මේ සඳහා වන ප්‍රවේශ පත්‍රයක ගාස්තුව ඩොලර් 650,000 ක් වැනි ඉහළ අගයක් ගනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මූලික අත්හදා බැලීම්වලදී හෙළිකරගෙන ඇත්තේ මෙවැනි අධිවේගී ගුවන් ගමනකදී ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම අවම අගයක පවතිනු ඇති බවයි.

තාවකාලික දෘෂ්ඨිය අහිමිවීම සහ මානසික අතුරු ආබාධ ඇතිවිය හැකි දැයි සෙවීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »