ඔස්ට්‍රේලියාවේ බැංකු ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

මූල්‍ය වංචාවලින් ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 04 ම ඒකාබද්ධව පොදු වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කිසියම් මූල්‍ය වංචාවක් පිළිබඳ දැනගත් වහා අදාළ වංචාකරුට මුදල් ගෙවීම සියලු බැංකු හරහා අවහිර කිරිමට නියමිතයි.

වංචාවට හසුවූ පුද්ගලයාට තමා විසින් වංචාකරුට ගෙවන ලද මුදල ආපසු ලබාගැනීමටද මේ යටතේ අවස්ථාව හිමිවන බවයි ප්‍රධාන බැංකු පෙන්වා දෙන්නේ.

2021-22 මූල්‍ය වර්ෂයේදී ප්‍රධාන බැංකු 04 ම ගණුදෙනුකරුවන් 31,100 දෙනෙකු විසින් විවිධ මූල්‍ය වංචාවලට ලක්වී අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 558 කට ආසන්නයි.

කෙසේවෙතත් එයින් බැංකු විසින් ආපසු ගෙවා තිබුණේ ඩොලර් මිලියන 21 මුදලක් පමණයි.

ඒ අනුව එක් ගණුදෙනුකරුවකු විසින් අහිමි කරගෙන තිබු මුදලේ සාමාන්‍යය ඩොලර් 20,000 කට ආසන්නයි.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »