සිඩ්නි හින්දු ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

සිඩ්නි බටහිර පිහිටා ඇති හින්දු ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කිසියම් පිරිසක් එහි තාප්පයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ත්‍රස්තවාදියෙකු ලෙස හැගවෙන වාක්‍යයක් ස්ප්‍රේ කර ගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ සික් ආගමික කොට්ඨාශයට වන නමුත් ඔවුන් මෙම ප්‍රහාරය දැඩිව හෙළා දැක තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සහ සිඩ්නි ඇතුලු නගර රැසක ඉන්දීය හින්දු සහ සික් ජාතිකයන් අතර ගැටුම් උග්‍රවී ඇත්තේ පංජාබ් ප්‍රාන්තය ඉන්දියාවෙන් වෙන්විය යුතු බවට පැවැත්වූ ජනමත විචාරණයක් හේතුවෙනුයි.

එමෙන්ම ලබන 24 වනදා අගමැති මෝදි ක්වඩ් රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීම සඳහා සිඩ්නි නගරයට පැමිණීම හේතුවෙන්ද දෙපිරිස අතර ගැටුම් ඉහළ ගොස් තිබෙනවා.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »

ACT පාසල් පංති කාමර තුළද ජංගම දුරකථන තහනම් කරයි

ACT ප්‍රාන්තයේ පොදු පාසල්වල පංති කාමර තුළ ජංගම දුරකථන සහ ස්මාර්ට් වොච් වැනි අනෙකුත් පුද්ගලික සන්නිවේදන උපාංග භාවිතය ලබන වසරේ පළමු වාරයේ සිට තහනම් කර තිබෙනවා.

Read More »