මෙල්බන් ඊයේ ගැටුම ගැන වික්ටෝරියා පොලිසියෙන් දැඩි අනතුරු ඇගවීමක්

මෙල්බන් නගර මධ්‍යයේ ඊයේ ගැටුමක් ඇති කරගත් නාසි හිතවාදී සහ නාසි විරෝධි කණ්ඩායම් 02 ට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් දැඩි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති මෙම ගැටුම හේතුවෙන් සැළකිය යුතු වේලාවක් අදාළ ස්ථානයේ කළහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් රාජකාරියට බාධා කිරීම මත 20 හැවිරිදි සහ 30 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකුද එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙල්බන් නගරවාසීන්ට ආරක්ෂිතව සිටිය හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම සිය අරමුණ බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කරන්නේ.

නාසි සංකේත ප්‍රදර්ශනයට අදාළව දැඩි නීති පැණවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුගියදා කියාසිටියේ.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »