
පසුගිය වසරේදී සිදුවූ ඔප්ටස් දත්ත වංචාවේදී දත්ත සොරා ගැනීමට ලක්වූ කිසිදු පාරිභෝගිකයෙකු කිසිදු නීති විරෝධී ක්‍රියාවක වින්දිතයන් බවට පත්ව නැතැයි ඔප්ටස් ආයතනය පවසනවා.
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික සමුලුව වෙත නිවේදනයක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ මිලියන 10 ක් පමණ වන සිය ගණුදෙනුකරුවන් අතුරින් මිලියන 2.8 කගේ පමණ පුද්ගලික දත්ත අවභාවිත වී ඇති බවයි.
විදේශ ගමන් බලපත්‍ර අංක – රියදුරු බලපත් අංක සහ Medicare අංක ඒ අතර වනවා.

කෙසේවෙතත් එම දත්ත යොදාගෙන කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බවත් ඒ අනුව ඔවුන් මූල්‍ය වංචාවන්ට හසුවී නොමැති බවත් ඔප්ටස් ආයතනය අවධාරණය කරනවා.
මෙම දත්ත පැහැර ගැනීමේ සිදුවීම පදනම් කරගනිමින් ඔප්ටස් ආයතනයට එරෙහිව විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.
