චීන – ඔස්ට්‍රේලියා මතභේද ඉදිරි වසර 03 තුළදී තවත් උග්‍ර වනු ඇති බවට නවතම වාර්තාවක් අනාවැකි පළකර තිබෙනවා.
කෙසේවෙතත් එල්ලවිය හැකි චීන තර්ජනයකට මුහුණදීමට ඔස්ට්‍රේලියාව මෙතෙක් සූදානම් නොමැති බවටයි චෝදනා එල්ල වන්නේ.
පැසිෆික් සාගරයේ ඇතැම් දූපත් ආශ්‍රිත චීන හමුදා ක්‍රියාකාරකම් ඉහළයාම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුකිරීම ඉතා පහළ අගයක පවතින බවටයි මෙම වාර්තාවෙන් චෝදනා නගා ඇත්තේ.
එමෙන්ම වෙළඳ කටයුතුවලදී චීන බලපෑමට මුහුණදීමේදීත් ඔස්ට්‍රේලියාව පසුබෑමක සිටින බව මෙමගින් අනාවරණය කර තිබෙනවා.
මේ අතර ඉදිරියේදී චීනයෙන් ඔස්ට්‍රේලියානු ආයතන වෙත එල්ලවන සයිබර් ප්‍රහාරවල වර්ධනයක් දැකිය හැකි බවටත් මෙම වාර්තාව අනාවැකි පළකරනවා.