ලින්ක් සමහන් අමිතාබ් භච්චන්ගේ ඇගයීමට ලක්වෙයි

සුවහසක් ශ්‍රී ලාංකිකයන් සුවපත් කළ පානයක් වන සමහන්, ඉන්දියාවේ ජනප්‍රිය වැඩසටහනකදී කතාබහට ලක් වී තිබේ.

Kaun Banega “Crorepati” වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රවීණ මෙන් ම ජනකාන්ත සිනමා නළු අමිතාබ් භච්චන් විසිනි.

වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ගෙන්, වැඩසටහන මෙහෙයවන්නා සාමන්‍ය දැනීම ප්‍රශ්න අසන අතර, ඒවාට සාර්ථක පිළිතුරු ලබාදෙන පිරිසට මුදල් ත්‍යාග පිරිනැමේ.

පසුගිය දිනෙක මෙම වැඩසටහනට සහභාගී වූ කාන්තාවක්, වැඩසටහන අතරතුරදී කැස්ස තත්ත්වයකින් පෙළී ඇති අතර, අමිතාබ් භච්චන් මහතා විසින් ඒ අවස්ථාවේදී, කැස්ස සඳහා ගුණදායි පානයක් ඔහු සතුව ඇති බවත්, එහි නම “සමහන්” බවත් පවසමින් මොහොතකට රූගත කිරීමෙන් ඉවතට ගියේ ය.

ඉන් පසුව යළිත් පැමිණෙන ඔහු, සමහන් පානයක් රැගෙන විත් එම කාන්තාවට ලබා දෙන්නේ එයින් කැස්ස සුවවන බව පවසමිනි.

වටිනා ඖෂධ රැසක සුසංයෝගයක් රැගත් මෙවන් අපේම නිෂ්පාදනයක් මෙලෙස කතාබහට ලක්වීම සතුටට කරුණක් නොවේද?

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »