ඔන්ලයින් නොවන ක්‍රම මගින් Telstra බිල් ගෙවීමේ ගාස්තු $ 2.50 දක්වා ඉහළට

ඉලෙක්ට්‍රොනික නොවන ක්‍රම හරහා බිල්පත් ගෙවන පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන සේවා ගාස්තුව ඩොලර් 2.50 දක්වා ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන ටෙල්ස්ට්‍රා තීරණය කර තිබෙනවා.

දැනට එම ගාස්තුව පවතින්නේ ඩොලර් 01 ක් ලෙසයි.

මේ අනුව තැපැල් කාර්යාල – ටෙල්ස්ට්‍රා කාර්යාල හෝ චෙක්පත් මගින් බිල් ගෙවීම් සිදුකරන සියල්ලන්ගෙන් මෙම ගාස්තුව අය කෙරෙනු ඇති.

දැනටමත් මාසිකව තැපැල් මගින් බිල්පත ගෙන්වා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ටෙල්ස්ට්‍රා විසින් ඩොලර් 02 යි ශත 20 ක ගාස්තුවක් අය කරගනු ලබනවා.

වෝඩාෆෝන් – ඔප්ටස් යන සන්නිවේදන සමාගම් මෙන්ම බලශක්ති සමාගම් කිහිපයක් විසින්ද දැනටමත් මෙවැනි සේවා ගාස්තු අයකරනු ලබනවා.

ඒ සඳහා ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය අනුවද ඔවුන්ට අවසර හිමිවනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »