වැටුප් වැඩිවීම ප්‍රමාද බවට ප්‍රාන්ත රජයකට එරෙහිව Fair work කොමිසමට පැමිණිලි

වැටුප් වැඩිවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සේවක වෘත්තීය සමිති විසින් Northern Territory ප්‍රාන්ත රජයට එරෙහිව Fair work කොමිසම හමුවේ පැමිණිලි ගොණු කර තිබෙනවා.

රජයේ සේවකයන් 24,000 කට සියයට 02 ක එනම් ඩොලර් 2,000 ක පමණ වැටුප් වැඩිවීමක් ලබාදෙන බවයි ප්‍රාන්ත රජය පසුගිය ඔක්තෝබරයේදී නිවේදනය කලේ.

ඒ සඳහා වැයවනු ඇති බවට තක්සේරු කර ඇති මුදල ඩොලර් මිලියන 250 ක්.

කෙසේවෙතත් මාස 06 කට වැඩි කාලයක් ගතවී ඇතත් මේ දක්වා තමන්ට කිසිදු වැටුප් වැඩිවීමක් ලැබී නොමැති බවටයි ප්‍රාන්ත රජයේ සේවකයන් චෝදනා කරන්නේ.

ඒ අනුව ඊට අදාළ නියෝගයක් Northern Territory ප්‍රාන්ත රජයට නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන් Fair work කොමිසම හමුවේ පැමිණිලි ගොණු කර තිබෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »