
වයස අවුරුදු 14 ක බාලවයස්කාර දරුවෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවීමේ චෝදනාවට වරදකරුවෙකු වූ පාසල් ගුරුවරියකට මෙල්බන් අධිකරණයක් විසින් වසර 2 1/2 ක සිර දඩුවමක් පණවා තිබෙනවා.
අවුරුදු 16 කට අඩු තැනැත්තෙකු සමග ලිංගික කටයුතුවල නිරතවීමේ වරද කඩ කිරීම ඇයට එරෙහි ප්‍රධාන චෝදනාවයි.
44 හැවිරිදි මෙම කාන්තාව අදාළ සිසුවා සිය නිවසට කැඳවා මත්පැන් පානයට සළස්වා ලිංගික කටයුතුවලට පොළඹවාගෙන ඇති බවයි අධිකරණයේදී වාර්තා වූයේ.

මෙම ගුරුවරියගේ නාමය වසර 15 ක් පුරා ලිංගික හිංසකයෙකු යන නාමය යටතේ අපරාධ වාර්තාවල සටහන් කර තැබීමටද නියමිතයි.
ඔස්ටේ්‍රලියාව තුළදී කිසියම් ලිංගික හිංසන සිදුවීමක් පිළිබඳ ඔබ දැනුවත් නම් 1800 737 732 යන අංකයෙන් හෝ 1800RESPECT.org.au යන වෙබ් අඩවිය හරහා පැමිණිලි යොමු කල හැකියි.
