ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් 05 ගුණයකින් ඉහළට

ඉන්ෆ්ලුවන්සා සමය එළඹෙමින් ඇති බැවින් මෙතෙක් Flu එන්නත ගෙන නොමැති පුද්ගලයන් වහා ඒ සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙනවා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් 32,000 ක් හමුවී ඇති අතර එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී රෝගීන් 05 ගුණයක ඉහළයාමක්.

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් මේ දක්වා අදාළ එන්නත ගෙන ඇත්තේ සියයට 06 කටත් වඩා අඩු පිරිසක් බවයි පැවසෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් රෝගීන් 9,000 ක් සහ මරණ 08 ක් සටහන් වී ඇති බව වාර්තා වනවා.

වයස මාස 06 ත් අවුරුදු 05 ත් අතර දරුවන් ඉන්ෆ්ලුවන්සා වැඩිම අවධානම සහිත කාණ්ඩය බවටයි හඳුනාගෙන ඇත්තේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »