වික්ටෝරියාවේ අපරාධකරුවන් ඉහළ යයි

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් අවධානයෙන් පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් සංඛ්‍යාව 644 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඉන් 280 දෙනෙකු ප්‍රමුඛතම අවධානයක් යොමුකල යුතු පිරිස බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.

ඔවුන්ට එරෙහිව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 3000 කට ආසන්නයි.

මේ අතර සිටින තරුණ අපරාධකරුවන් අතුරින් දැනට පොලිස් භාරයේ සිටිනුයේ සියයට 11 කට ආසන්න පිරිසක් පමණයි.

සෙසු සියල්ලන් ඇප මත සිටින්නන් බව සඳහන්.

නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ට්‍රේලියාව – බටහිර ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියා ප්‍රාන්තවල දැනට අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ගොණු කල හැකි අවම වයස පවතින්නේ අවුරුදු 10 ක් ලෙසයි.

එය 14 දක්වා ඉහළ දැමිය යුතු බවට ප්‍රබල මතයක් නිර්මාණය වී තිබීමද විශේෂත්වයක්.

Northern Territory විසින් අවම බාල අපරාධ වයස් සීමාව ලබන වසරේදී 12 දක්වාත් 2027 වසර වනවිට 14 දක්වාත් ඉහළ දැමීමටයි දැනටමත් තීරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »