පොළී අනුපාතිකයන් ඉහළ දැමීම හරහා උද්ධමනය පාලනය වුවද එමගින් රැකියා දහස් ගණනක් අහිමිවිය හැකි බවට ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවනවා.
දැනට සැලසුම් කර ඇති පරිදි ඉදිරි මාස 12 තුළදී උද්ධමනය සියයට 03 ක් වැනි අඩු අගයක් දක්වා පහළට ගෙන ඒමට හැකියාවක් පවතින බවයි සංචිත බැංකුව අනාවැකි පළකරන්නේ.
කෙසේවෙතත් එමගින් විරැකියා අනුපාත සියයට 4.5 ක් දක්වා ඉහළයාම හෙවත් ඉදිරි මාස 12 තුළදී රැකියා 200,000 ක් පමණ අහිමිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.
පිරිවැය ඉහළයාමෙන් බොහෝ ව්‍යාපාරික ආයතන විසින් අවම අවශ්‍යතාවයක් ඇති සේවකයන් ඉවත් කිරීමයි ඊට හේතුව ලෙස දැක්වෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මේ වනවිට උච්චතම අගය පසුකර ඇතත් එය තවමත් සාපේක්ෂව ඉහළ අගයක පවතින බවටයි ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ.
දැනට සියයට 07 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ලබන මාසය වනවිට සියයට 06 ක් දක්වා අඩුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.