ෆෙඩරල් අයවැයට විපක්ෂ නායකගෙන් ප්‍රහාර මාලාවක්

ලේබර් පක්ෂ රජයේ අසාර්ථක මූල්‍ය ප්‍රතිපත්ති හමුවේ ඔස්ට්‍රේලියාව තුළ උද්ධමනය තවත් ඉහළ යා හැකි බවට විපක්ෂ නායක පීටර් ඩට්න් අනතුරු අගවනවා.

ඔහු අවධාරණය කරන්නේ එමගින් ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට තව තවත් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවයි.

පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ෆෙඩරල් අයවැය ලේඛණය සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කරමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මෙවර අයවැයෙන් සහ දීමනා ඉහළ නංවා ඇත්තේ සති 02 කට ඩොලර් 40 ක් හෙවත් එක් දිනයකට ඩොලර් 03 කටත් අඩු අගයකින් බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කලේ.

තාවකාලික විසඳුම් හරහා ජීවන වියදම පාලනය කල නොහැකි බවද විපක්ෂ නායක පීටර් ඩට්න් මෙහිදී සඳහන් කලා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »