Search

NSW පාසල් සිසුන් සඳහා දෙන ක්‍රීඩා වවුචර දීර්ඝ නොකෙරේ

පාසල් සිසුන් සඳහා ලබාදෙන ක්‍රීඩා වවුචර ක්‍රමය දීර්ඝ නොකිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

පාසල් සිසුන්ට ක්‍රීඩා හෝ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ඩොලර් 100 බැගින් වන වවුචර 02 ක් ලබාදීමේ මෙම වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ පැවති ලිබරල් ප්‍රාන්ත රජය විසින් 2018 වසරේදීයි.

කෙසේවෙතත් මෙම මූල්‍ය වර්ෂයෙන් ඔබ්බට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නොමැති බවයි වත්මන් ලේබර් රජය අවධාරණය කරන්නේ.

දැනටමත් වවුචර මිලියන 05 ක් පමණ භාවිත කර ඇති අතර එහිදී ඩොලර් මිලියන 480 ක පමණ ප්‍රතිලාභයක් දෙමව්පියන්ට ලැබී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයන් විසින්ද මේ හා සමාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »