
අවුරුදු 13 ක් වැනි බාලවයස්කාර දරුවන්ට නිකොටීන් අඩංගු ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රිස්බන් නුවර සුපිරි වෙළඳසැලකට ඩොලර් 90,000 ක දඩයක් පණවා තිබෙනවා.
අදාල පාසලේ විදුහල්පතිවරයා විසින් ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ වෙත සිදුකල පැමිණිල්ලක් අනුව සිදුකල විමර්ශනයකදීයි මෙම වෙළඳසැල හඳුනාගෙන තිබුණේ.
ක්වීන්ස්ලන්ඩ් නීතියට අනුව අවසරයකින් තොරව නිකොටීන් අලෙවි කිරීමට අනුමැතිය හිමිවන්නේ නැහැ.

එම වෙළඳසැලේ තිබී තවත් අනවසර ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක්ද සොයාගෙන තිබෙනවා.
