අයවැය යෝජනාවක් නිසා ඔස්ට්‍රේලියාවට ගෙන්වන භාණ්ඩ මිළ ඉහළට

මෙවර ෆෙඩරල් අයවැයට ඇතුළත් ජෛව ආරක්ෂණ නව නීති හමුවේ ඔස්ට්‍රේලියාවට ආනයනය කෙරෙන සියලු ද්‍රව්‍යවල මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.

වාහන – විදුලි උපකරණ මෙන්ම E-bay සහ Amazon වැනි පාර්සල් සේවා හරහා ගෙන්වන භාණ්ඩ මිළ ගණන්ද ඒ යටතේ වැඩිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඊට අමතරව ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුද ඉහළ යාමේ අවධානමක් පවතින බවට විද්වතුන් අනාවැකි පළකර තිබෙනවා.

විවිධ රෝග ඇතුලු හානිකර ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම වළක්වාලීම සඳහා නව ජෛව ආරක්ෂණ නීති මාලාවක් හඳුන්වාදීමේ අරමුණ ඇතිව මෙවර අයවැයෙන් ඩොලර් බිලියනයක ප්‍රතිපාදන වෙන් කෙරුණා.

විවිධ ආනයන මත නව ගාස්තු පැණවීම හරහායි එම වියදම පියවා ගැනීමට යෝජනා වී ඇත්තේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »