මාර්ග ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට ට්‍රක් රියදුරන්ගේ විරෝධය

බර වාහන සඳහා මාර්ග ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් ට්‍රක් රියදුරන් විරෝධය පළකරනවා.

දැනට සියයට 27.2 ක් ලෙස පවතින එම ගාස්තුව 2025 වසරේ සිට සියයට 32.4 දක්වා ඉහළ දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

මේ හරහා තමන්ට මාර්ග ගාස්තු ලෙස සතියකට ඩොලර් 1,000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බවටයි ට්‍රක් රියදුරන් චෝදනා කර සිටින්නේ.

වාහන කිහිපයක් ඇති ට්‍රක් සමාගම්වලට සතියකට ඩීසල් ලීටර් 70,000 ක පමණ ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බැවින් සතියකට ඩොලර් ලක්ෂයක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙවර අයවැයෙන් තමන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බවටයි ට්‍රක් රියදුරන් චෝදනා කරන්නේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »