Search

ප්‍රාන්තවාසීන්ට ලැබිය යුතු $ මිලියන 150 ක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ ගිණුම්වල

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසීන් විසින් ලබාගත යුතු ඩොලර් මිලියන 150 ක මුදලක් ප්‍රාන්ත රජය සතුව පවතින බව අනාවරණ වී තිබෙනවා.

වාහන බලපත්‍ර ගාස්තු ආපසු ගෙවීම් – විවිධ බිල් ගාස්තු – නිවාස කුළී ආපසු ගෙවීම් වැනි මුදල් ඊට අයත්.

මින් වැඩිම මුදල් ප්‍රමාණයක් පවතින්නේ මියගිය පුද්ගලයන්ගේ දේපළ විකිණීමෙන් පසු ඒවා ලැබිය යුතු පුද්ගලයන් විසින් ලබානොගැනීම් බව සඳහන්.

එලෙස ඇතැමුන් විසින් ලබාගැනීමට පවතින මුදල් අතර ඩොලර් ලක්ෂ 09 සහ ඩොලර් ලක්ෂ 07 වැනි ඉහළ අගයන්ගෙන් යුත් මුදල්ද පවතින බවයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

තමන්ට කිසියම් මුදලක් ලැබීමට ඇතිදැයි ඔන්ලයින් ක්‍රමයට දැන ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් වෙබ් අඩවියක්ද හඳුන්වා දී තිබෙනවා.

https://www.wa.gov.au/service/business-support/business-accounting-and-reporting/unclaimed-money

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »