සෞඛ්‍ය සේවයට එන අයට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් $ 20,000 – $ 70,000 දක්වා මුදල්

සෞඛ්‍ය සේවකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඩොලර් දහස් ගණනක ප්‍රසාද දීමනා පිරිනැමීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

හෙදියන් ඇතුලු කාණ්ඩ කිහිපයකට ඩොලර් 20,000 ක මුදලක්ද වෛද්‍යවරුන් සඳහා ඩොලර් 70,000 ක දීමනාවක්ද මෙලෙස ලබාදීමට නියමිතයි.

වෙනත් ප්‍රාන්තවල සිට ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණෙන සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම විදේශයන්හි සිට පැමිණෙන්නන්ටද මෙම වරප්‍රසාදය අත්වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණය වන පිරිස් සඳහා නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණය වන්නන්ට වඩා වැඩි ප්‍රසාද දීමනාවක් ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

මේ හරහා දැනට පවතින උග්‍ර සේවක හිගය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සිට නිවු සවුත් වේල්ස් දක්වා සංක්‍රමණය වන සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සැළකිල්ලට ගෙනයි මෙම ප්‍රසාද දීමනා ලබාදීම සිදුකරනු ලබන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »