ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයට එක්වන විශ්ව විද්‍යාල සිසුන්ට $ 20,000 ක්

ක්වීන්ස්ලන්ඩ් පොලිස් සේවයට එක්වන විශ්ව විද්‍යාල සිසුන් ශිෂ්‍ය ණය ලබාගෙන ඇත්නම් ඩොලර් 20,000 ක උපරිමයක් සඳහා වන සහනයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අධියර කිහිපයක් යටතේ එම මුදල් ගෙවීම් සිදුකරන අතර ඩොලර් මිලියන 90 ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

මනෝ විද්‍යාව – අපරාධ විද්‍යාව – සමාජ සේවා සහ උපදේශන යන පාඨමාලා හදාරන සරසවි සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකියි.

ප්‍රාන්තයේ ඉහළ යමින් පවතින තරුණ අපරාධ අවම කිරීමේ අරමුණ ඇතිවයි මෙලෙස ආධුනික පොලිස් නිළධාරින් පිරිසක් බඳවා ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර ඇත්තේ.

අවම අපරාධ වයස් සීමාව ඉහළ දැමීමට ප්‍රාන්ත කිහිපයක් කටයුතු කරමින් සිටින පසුබිමකදීයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇත්තේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »