අමතර ඔස්ට්‍රේලියානුවන් මිලියන 11 කට නොමිළයේ වෛද්‍ය සේවා

ෆෙඩරල් රජයේ අයවැය ලේඛනය හරහා ලබාදුන් සෞඛ්‍ය සහන යටතේ අමතර ඔස්ට්‍රේලියානුවන් මිලියන 11 කට වැඩි පිරිසකට නොමිළයේ වෛද්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ වෙනුවෙන් රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 3.5 ක්.

මෙඩිකෙයාර් සඳහා මෙතරම් විශාල ආයෝජනයක් සිදුකර ඇත්තේ වසර 40 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

ටෙලි හෙල්ත් සහ වීඩියෝ උපදේශන සැසි සඳහාද මෙම මුදලින් සැළකිය යුතු මුදලක් වෙන් කර තිබෙනවා.

වයස අවුරුදු 16 ට අඩු දරුවන් මෙන්ම විවිධ වරප්‍රසාද කාඩ්පත් හිමියන්ටයි මේ යටතේ වැඩි අවස්ථාවක් හිමිවන්නේ.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »