MyGov අයවැය සහනයක් බව දැක්වෙන ව්‍යාජ කෙටි පණිවුඩයක්

අයවැය සහනයක් ලබාගැනීම සඳහා click කරන ලෙස link එකක් සහිතව MyGov හරහා ලැබෙන බව දැක්වෙන ව්‍යාජ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරනවා.

ඩොලර් 750 ක ජීවන වියදම් දීමනාවක් මෙලෙස ලබාගත හැකි බවටයි අදාළ පණිවුඩයේ දැක්වෙන්නේ.

ඊයේ රාත්‍රියේ අයවැය කථාව අවසන් වූ වහා ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසකට මෙම ව්‍යාජ පණිවුඩය ලැබී ඇති බව සඳහන්.

පසුගිය වසරේ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ පමණක් MyGov සම්බන්ධ වංචා සංඛ්‍යාව සියයට 160 කින් ඉහළ ගොස් ඇති බවයි Scamwatch විසින් වාර්තා කර ඇත්තේ.

එබැවින් නාඳුනන අංක හරහා ලෙසින් පැමිණෙන ව්‍යාජ පණිවුඩවල අඩංගු කිරීමෙන් වළකින ලෙස නැවතත් සිහිපත් කෙරෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »