ඉදිරියේදී තවත් සහන – අගමැතිගෙන් සහතිකයක්

ඔස්ට්‍රේලියානු ජනතාවට සහන දීම ඊයේ අයවැයට පමණක් සීමා නොවන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඉදිරියේදී හැකි සෑම අවස්ථාවකදීම ජනතාවට සහන සැළසීම ලේබර් පක්ෂ රජයේ අරමුණ බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

Jobseeker – Childcare – Medicare – AusStudy – Youth Allowance වැනි ක්ෂේත්‍ර සියල්ලට උපරිම සහන සැළසීමට ඊයේ අයවැයෙන් කටයුතු කෙරුණු බව අගමැතිවරයා පෙන්වා දෙනවා

ඉදිරියේදීත් Jobseeker වැනි දීමනා සඳහා ලබාදෙන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගනු ලබන බවටද අගමැති ඇන්තනී ඇල්බනිස් සහතික වනවා.

මෙවර ෆෙඩරල් අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නිල ස්ථාවරය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »