Coles සත 15 ප්ලාස්ටික් බෑගය ලබන මස සිට අලෙවිය නවතී

පාරිභෝගිකයන් අතර අතිශය ජනප්‍රිය සත 15 වටිනාකමැති ප්ලාස්ටික් බෑගය ලබන මාසයේ සිට අලෙවිය නතර කිරීමට Coles සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

වෙළඳසැල් තුළ කෙරෙන අලෙවිය මෙන්ම ඔන්ලයින් අලෙවියද මේ අනුව නතර කෙරෙන බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.

මේ හරහා වසරකට පරිසරයට ප්ලාස්ටික් බෑග් මිලියන 230 ක් පමණ එකතුවීම නතර කිරීමට හැකිවනු ඇති බව Coles සඳහන් කරනවා.

මීට විකල්පයක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කල හැකි සත 25 වටිනාකමැති කඩදාසි බෑග් විශේෂයක් හඳුන්වාදීමටද Coles පියවර ගෙන තිබෙනවා.

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින්ද සත 15 වටිනාකමැති ප්ලාස්ටික් බෑග් භාවිතය ඉවත් කිරීම මේ වනවිටත් ආරමභ කර තිබෙනවා.

ලබන ජූනි පළමුවනදා වනවිට නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ටස්මේනියා හි වෙළඳසැල්වලින්ද එය භාවිතය නතර කිරීමෙන් පසු සමස්ත රටෙහිම භාවිතය නතර වනු ඇති.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »