Student ඇවිත් PR ගැනීමේ නීති දැඩි වෙයි – අයවැයෙන් වීසා ගාස්තුත් ඉහළට

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා රෙගුලාසි දැඩි කිරීමට මෙවර ෆෙඩරල් අයවැයෙන් යෝජනා කෙරුණා.

ඒ අනුව ශිෂ්‍ය වීසා ලාභියෙකුට අර්ධකාලීන රැකියාවක නිරතවිය හැකි පැය ගණන ජූලි පළමුවනදා සිට සති 02 කට පැය 48 ක උපරිමයකට යටත් වනු ඇති.

aged care ක්ෂේත්‍රයේ රැකියා කරන සිසුන්ට පමණක් එම කොන්දේසිය අදාළ නොවන නමුත් එම අවසරයද හිමිවන්නේ මෙම වසර අවසානය වනතෙක් පමණයි.

මේ අතර ශිෂ්‍ය වීසා සම්බන්ධ නීති වෙනස් කිරීමටද ෆෙඩරල් රජය සූදානම් වනවා.

ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ පිරිසක් අධ්‍යාපනය හැදෑරීමේ අරමුණින් බැහැරවී ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහාම පමණක් කටයුතු කිරීම වළක්වාලීමේ අරමුණ ඇතිවයි එම පියවර ගනු ලබන්නේ.

කෙසේවෙතත් පුහුණු ශ්‍රමික හිගයක් පවතින අංශවල සේවක හිගය මගහරවාලීම සඳහා ශිෂ්‍ය වීසා හරහා මාර්ගයක් සකස් කිරීම ලේබර් පක්ෂ රජයේ අරමුණ බවද සඳහන් කෙරුණා.

මේ අතර Working holiday වීසා සහ කෙටිකාලීන වීසා ගාස්තු සියයට 21 කින්ද / තාවකාලික හෝ ස්ථිර පදිංචිය සඳහා වීසා ගාස්තු සියයට 06 කින් ඉහළ නැංවීමට අදාළ යෝජනාවක්ද ඊයේ අයවැයට ඇතුළත් වුණා.

ඒ හරහා වසරකදී ඩොලර් මිලියන 660 ක අමතර ආදායමක් ෆෙඩරල් රජය විසින් අපේක්ෂා කරනු ලබනවා.

එම මුදල් වීසා අයදුම්පත් සළකා බැලීම වේගවත් කිරීම සඳහා යෙදවීමටයි නියමිතව ඇත්තේ.

Source:

https://www.abc.net.au/news/2023-05-09/federal-budget-2023-winners-and-losers/102287782

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »