මෙවර අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයක බදු සහ ගාස්තු වැඩි කිරීම්

මෙවර අයවැයෙන් ක්ෂේත්‍ර කිහිපයකට අදාළව බදු සහ ගාස්තු වැඩි කිරීම්ද සිදුවුණා.

සුපර් ඇනයුෂන් ගිණුමේ ශේෂය මත ඩොලර් මිලියන 03 කට වැඩියෙන් ඇති පුද්ගලයන්ට ලබාදී ඇති බදු සහන සීමා කිරීම එක් යෝජනාවක්.

80,000 කට පමණ පිරිසකට එය බලාත්මක වන අතර දැනට ක්‍රියාත්මක කාර්තුවකට වරක් සුපර් ඇනයුෂන් මුදල් බැර කිරිම වෙනුවට 2026-27 මූල්‍ය වර්ෂයේ සිට වැටුප් දිනයේදී එම මුදල් බැර කල යුතු වනවා.

දුම්කොළ සඳහා පණවා ඇති බදු ඉදිරි වසර 03 සඳහා සියයට 05 කින් ඉහළ නැංවීම මෙවර අයවැයට අන්තර්ගත ප්‍රධාන යෝජනාවක්.

මෙඩි කෙයාර් සඳහා ඩොලර් බිලියන 5.7 ක් ඉදිරි වසර 05 සඳහා වෙන් කිරීමට නියමිතයි.

බල්ක් බිලින් සහන පුලුල් කෙරෙනුයේ අමතර මිලියන 11.6 කට වරප්‍රසාද අත්කර දෙමිනුයි.

මේ අතර අඩු සහ මැදි ආදායම් ලබන පවුල් වල නිවාස කුළී සඳහා ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් ඒකාබද්ධව ලබාදෙන සහනය සියයට 15 දක්වා ඉහළ දමා තිබෙනවා.

වසර 30 කට පසු මෙම අගය ඉහළ දමන ලද විශාලම අගයද මෙයයි.

වසර 03 කදී ඩොලර් බිලියන 2.7 ක මුදලක් මේ සඳහා වෙන් කරන බව අයවැය ලේඛණයේ සඳහන්.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »