අයවැයෙන් සිදුකල Aged care – Child care – JobSeeker වෙනස්කම් මෙන්න

2023/24 අයවැයෙන් අංශ කිහිපයක් සඳහා ලබාදෙන මුදල් ඉහළ නංවනු ලැබුවා.

මෙවර අයවැයේ ඉහළම ජයග්‍රාහකයන් වන්නේ Aged care සේවකයන් වන අතර ඔවුන්ගේ වැටුප් සියයට 15 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිතයි.

මෙතෙක් aged care සේවකයන්ට ලබාදුන් ඉහළම වැටුප් වැඩිවීම මෙය වන අතර ඒ අනුව Aged care සේවකයන් 250,000 කට වැටුප් වැඩි කිරීම සඳහා ඩොලර් බිලියන 11.3 ක මුදලක් වෙන් කෙරෙනු ඇති.

ඒ යටතේ ඇතැමුන්ට වාර්ෂිකව ඩොලර් 10,000 ක වැටුප් වැඩිවීමක් හිමිවනවා.

JobSeeker, youth allowance සහ Austudy දීමනා ලාභීන් සඳහා ලබාදෙන ආධාරය සති 02 කට ඩොලර් 40 කින් ඉහළ නැංවීමට නියමිතයි.

අවුරුදු 52 ත් 59 ත් අතර 52,000 කට මේ යටතේ දීමනා වැඩි කෙරෙන අතර දැනට අවුරුදු 60 ඉක්මවූවන් සඳහා ලබාදෙන ඇතැම් සහන මුදල් අවුරුදු 55 ඉක්මවූවන් සඳහා ලබාදීමට යෝජනා කෙරුණා.

ඩොලර් 530,000 ට අඩු ආදායම් ලබන පවුල් සඳහා child care සහනය ඉහළ නැංවීමටද යෝජනා කෙරුණා.

ඒ අනුව ඩොලර් 80,000 ට අඩු ආදායම් ලබන පවුල්වල පළමු දරුවාට සියයට 90 ක් දක්වා child care ගාස්තු සහනයක් හිමිවනවා.

single parents 57,000 කට සති 02 කට ඩොලර් 176.90 ක් බැගින් දීමනා වැඩි කෙරෙන අතර ඒ අනුව බාලම දරුවාට වයස අවුරුදු 14 වන තෙක් ඩොලර් 922.10 ක් බැගින් දීමනාවක් හිමිවනවා.

ලබන ජූලි පළමුවනදා සිට පවුල් මිලියන 5 කට ඩොලර් 500 ක සහ ව්‍යාපාරික ස්ථාන මිලියන 01 කට ඩොලර් 650 ක් බැගින් විදුලි ගාස්තු සහනයක් ප්‍රකාශයට පත් කෙරුණා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »