2023-24 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය සියයට 1.5 දක්වා පහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
ෆෙඩරල් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ 2022-23 වසරේදී එය සියයට 3.25 ක් ලෙස පැවති බවයි.
2024-25 මූල්‍ය වර්ෂයේදී නැවතත් එය සියයට 2.25 දක්වා වර්ධනය වනු ඇති බවටද අනාවැකි පළවී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් විසින් සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණවලදී මිළදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් අඩු කර තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව මාර්තු කාර්තුවේදී සිල්ලර අලෙවි කිරීම්වල පහළයාම සියයට 0.6 ක් ලෙසයි සටහන් වන්නේ.
ඔස්ට්‍රේලියානුවන් අති විශාල පිරිසක් අධික මිළ ගණන්වලින් යුත් භාණ්ඩ මිළදී ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.