Search

අද අයවැයේ අඩු කල – වැඩිකල සියල්ල මෙන්න

නිවාස කුළී සඳහා ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජයන් විසින් ඒකාබද්ධව ලබාදෙන සහනය සියයට 15 දක්වා ඉහළ දමා තිබෙනවා.

වසර 30 කට පසු මෙම අගය ඉහළ දමන ලද විශාලම අගයද මෙයයි.

සුපර් ඇනයුෂන් ගිණුමේ ශේෂය මත ඩොලර් මිලියන 03 කට වැඩියෙන් ඇති පුද්ගලයන්ට ලබාදී ඇති බදු සහන සීමා කෙරේ.

දුම්කොළ සඳහා පණවා ඇති බදු ඉදිරි වසර 03 සඳහා සියයට 05 කින් ඉහළ නැංවෙයි.

Aged care සේවකයන් 250,000 කට වැටුප් වැඩි කිරීම සඳහා ඩොලර් බිලියන 11.3 ක මුදලක් වෙන් කෙරේ.

ඒ අනුව ඔවුන්ගේ වැටුප් සියයට 15 ක ප්‍රතිශතයකින් ඉහළ දැමෙන අතර මෙතෙක් සේවකයන්ට ලබාදුන් ඉහළම වැටුප් වැඩිවීම මෙයයි.

JobSeeker, youth allowance සහ Austudy දීමනා ලාභීන් සඳහා ලබාදෙන ආධාරය සති 02 කට ඩොලර් 40 කින් ඉහළ නැංවෙයි.

දැනට අවුරුදු 60 ඉක්මවූවන් සඳහා ලබාදෙන ඇතැම් සහන මුදල් අවුරුදු 55 ඉක්මවූවන් සඳහා ලබාදීමට යෝජනා කෙරේ.

පවුල් මිලියන 5 කට සහ ව්‍යාපාරික ස්ථාන මිලියන 01 කට ඩොලර් 500 ක විදුලි ගාස්තු සහනයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »