Search

සේවකයන් ඉවත් කිරීමේ තීන්දුවට එරෙහිව ක්වන්ටාස් වෙතින් අභියාචනයක්

කොවිඩ් වසංගත සමයේ සේවකයන් 1,600 කට වැඩි පිරිසක් ඉවත් කිරීම නීති විරෝධී බවට දී ඇති අධිකරණ තීන්දුවට එරෙහිව ක්වන්ටාස් ගුවන් සේවය විසින් මහාධිකරණ හමුවේ අභියාචනයක් පවරා තිබෙනවා.

භාණ්ඩ මෙහෙයවන්නන් – පිරිසිදු කරන්නන් සහ භූමි සේවකයන් ඉවත් කිරීම නීතියට පටහැණි බවටයි ෆෙඩරල් අධිකරණයක් මීට මාස කිහිපයකට පෙර තීන්දු කරනු ලැබුවේ.

එය fair work කොමිසමේ නිර්දේශ උල්ලංඝණය කිරීමක් බවට ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙනයි අධිකරණය එම තීන්දුව ලබාදී තිබුණේ.

කෙසේවෙතත් සිය තීරණය හරහා ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවූ බවටයි ක්වන්ටාස් ගුවන් සේවය තර්ක කරන්නේ.

මෙම අභියාචනයේ තීන්දුව ලැබීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව සඳහන්.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »